ඔස්ට්‍රේලියාවේ ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල වර්ෂාව ඇද වැටී ඇති අතර උෂ්ණත්වය පහත වැටෙමින් පවතින බව කාලගුණ අංශ පවසයි.
කෙසේ වෙතත් කාලගුණ බලධාරීන් පවසන්නේ යළිත් වරක් ගිනි ඇවිලීමේ අනතුරක් පවතින බවය.
නිව් සවුත් වේල්ස්හි ඇතැම් ප්‍රදේශවල ධාරානිපාත වර්ෂාව වාර්තා වීමත් සමග සිඩ්නි සිට මෙල්බර්න් දක්වා නැගෙනහිර වෙරළ තීරයේ සුළු වැසි තත්ත්වයන් දැකිය හැකිවිය.
නමුත් ඉරිදා රාත්‍රියේ නිලධාරීන් අනතුරු ඇඟවූයේ බ්‍රහස්පතින්දා වනවිට උෂ්ණත්වය යළි ඉහළ යෑමේ අවදානමක් පවතින බවය.
මේ තත්ත්වය තුළ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් හි විශාල ලැව්ගිනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඔවුහු වැඩිදුරටත් අනතුරු ඇඟවූහ.