ඔස්ට්‍රේලියාව වෙලාගෙන ඇති අතිශය බිහිසුණු ලැව්ගිනි තත්ත්වය නිසා ඇති වන දුම් වළාවන් පෘථිවිය වටා ගමන් කරමින් ලොව පුරා පැතිරෙනු ඇති බවට නාසා ආයතනය අනතුරු අඟවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි මුල් කාලයේ පැතිරුණු දුම් වළාවන් මේ වනවිට දකුණු ඇමෙරකාව ආසන්නයේ පවතින බවයි. ඒවා තවදුරටත් පෘථිවිය වටා ගමන් කරමින් පවතින බවටද නාසා ආයතනය අනතුරු අඟවයි.
“දුමාරය ලොව පුරා අවම වශයෙන් එක් සම්පූර්ණ වටයක් පුරා පැතිරෙනු ඇති බව විශ්වාස කරනවා” එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය පැවසීය.
ඔස්ට්‍රේලියාව පුරා සිය ගණනක් ලැව්ගිනි හටගෙන ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මෙම ලැව්ගිනි නිසා මියගොස් තිබේ. එමෙන්ම ඉන් මියගිය සතුන් සංඛ්‍යාව මිලියන ගණනකි. මීට අමතරව නිවාස 2,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් පෙර නොවූ විරූ පරිමාණයේ හා ගින්නෙහි තීව්‍රතාවය උග්‍ර වී ඇති බව පරිසර විද්‍යාඥයෝ අනතුරු අඟවති.