ගින්නෙන් විනාශ වූ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල හදිසි සේවා සඳහා ඔස්ට්‍රේලියානු හමුදා ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා යොදවා තිබේ.
ඉතා උග්‍ර ලෙස ලැව්ගිනි පැතිරී යාමත් සමග දහස් ගණන් ජනයා අද (31දා) දිනයේ ගිනිකොනදිග ප්‍රාන්තවල වෙරළ තීරයට දක්වා පළා ගියේය.
වික්ටෝරියා හි මල්ලකූටා හි 4,000 ක් පමණ දෙනා වෙරළ තීරයේ රැකවරණය පැතූහ.
නිව් සවුත් වේල්ස්හි තවත් දෙදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර ගින්නෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබේ.
බලධාරීන් පවසන්නේ වික්ටෝරියා හි සිව් දෙනෙකු සහ තවත් අයෙකු නිව් සවුත් වේල්ස් හි අතුරුදන් වී ඇති බවයි.