ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (5දා) දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදිතයන් පස් දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ්-19 පොකුර සමග වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙල්බර්න් ප්‍රාන්තයේ අගනුවර දැඩි අගුලු දැමීමේ දෙවැනි සති අන්තයට පිවිසි අතර, සිකුරාදා දිනයේදී ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශ සඳහා සීමා තරමක් ලිහිල් කිරීමක් සිදුවිය.
මේ අතර, ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වතාවට ඩෙල්ටා ප්‍රභේදය (ඉන්දියානු) හඳුනා ගැනීමෙන් පසු බලධාරීන් කලබලයට පත්ව සිටියි. ඩෙල්ටා ප්‍රභේදය පොකුරු ක්‍රියාකාරී ආසාදිත සිද්ධීන් නවයක් දක්වා වර්ධනය වී ඇති අතර, එහිදී සිකුරාදා සිට සෙනසුරාදා තෙක් ඩෙල්ටා ප්‍රභේද වැලඳුණු ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.
ඉදිරි දින කිහිපය තීරණාත්මක වනු ඇති බවත්, මෙම නව තත්ත්වය ගමන් කරන්නේ කොතැනට දැයි බලා සිටීමට සිදුවන බවත් ඔස්ට්‍රේලියානු බලධාරීන් වැඩිදුරටත් පවසයි.