ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණීමට උත්සාහ කර දූපත් කඳවුරුවල රඳවා සිටින සංක්‍රමණිකයන් අතර රෝගී පිරිස් ඔස්ට්‍රේලියාවේ රෝහල් වෙත කැඳවා ගැනීමට හැකි නීතියක් එරට පහළ මන්ත්‍රී මණ්ඩලය සම්මත කර තිබේ.
දශක කිහිපයක ඔස්ට්‍රේලියානු දේශපාලනය තුළ විරුද්ධ පක්ෂ යෝජනාවක් හමුවේ රජයක් පහළ මන්ත්‍රී මණ්ඩලය තුළ මෙසේ පරාජයට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වෙයි.
මෙය ස්කොට් මොරිසන්ගේ රජයට කණේ පහරක් බවද දේශපාලන විචාරකයන් පෙන්වා දෙන අතර, එම රජයේ සරණාගත ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැඩි විවේචන පවතින බවද සඳහන් වෙයි.
2013 වසරේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාවුරු සහ පැපුවා නිව්ගිනි හි රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමුකළද එම ස්ථානයන්හි රෝගීන් වෙත ප්‍රතිකාර කිරීමට තරම් පහසුකම් නොමැති බව කියැවෙයි.
කෙසේ වෙතත්, පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කළ මෙම යෝජනාව ඔස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණයට තර්ජනයක් නොවන බව අගමැති මොරිසන් පවසයි.
එමෙන්ම, මෙම යෝජනාව එරට උත්තර මන්ත්‍රී මණ්ඩලය වෙතද මෙම සතියේදී ඉදිරිපත් වනු ඇති අතර, එහිදීද සම්මත වුවහොත් එය නීතියක් බවට පත්වනු ඇත.