තම රැකියාවේ කාලයද වැයර කමින් ස්වෙච්ඡා ගිනි නිවන භටයන් ලෙස සේවය කරන ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සි හි ගිනි නිවන භටයන්ට අහිමිවන වැටුප් වන්දි සමග ගෙවන බව එරට ෆෙඩරල් රජය පවසයි.
පෞද්ගලිකව රැකියාවල නියුතු ස්වේච්ඡා සේවකයන් සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 6,000ක් දක්වා පිරිනැමීම සති ගණනාවක් පුරා පැවති කතාබහකින් පසුව සිදුව ඇත.
මීට පෙර එම අදහස ප්‍රතික්ෂේප කළ අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ එය ස්ථිර වැටුප් සඳහා යොමු නොවිය යුතු බවයි.
කෙසේ වෙතත් 100කට වැඩි ලැව්ගිනි ප්‍රමාණයක් අඛණ්ඩව දැල්වෙමින් සිඩ්නි නගරය ආසන්නයටම පැමිණෙත්ම අගමැතිවරයා ඊට එකඟ විය.
ඉදිරි දිනවලදී ඕස්ට්‍රේලියාව පුරා පැතිරෙන උණුසුම් වා දහරා නිසා මෙම ලැව්ගිනි තත්ත්වය තවත් උත්සන්න වනු ඇති බවටද විශ්වාස කෙරෙයි.
නිව් සවුත් වේල්ස්, දකුණු ඕස්ට්‍රේලියාව සහ වික්ටෝරියා ඇතුළු ලැව්ගිනිවලින් පීඩාවට පත් ප්‍රාන්ත කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබුණි.