එවරස්ට් කන්ඳ ආශ්රිත ග්ලැසියර දියවීම හේතුවෙන් එවරස්ට් තරණයට ගොස් මියගිය පිරිස්වල මුත්රශරීර මතුවෙමින් පවතින බව වාර්තා වෙයි.
මෙම කඳු තරණය ඇරඹිදා සිට මේ දක්වා පුද්ගලයන් 300ක් පමණ ඒ ආශ්‍රිතව ජීවිතක්ෂයට පත්ව තිබුණත්, ඔවුන්ගෙන් තුනෙන් දෙකකගේ පමණ සිරුරු තවමත් අයිස් හා හිම යට තැන්පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.
ඒ අනුව, මේ ආකාරයෙන් දැනට මතුව ඇති මුත්රශරීර චීනයේ දකුණු අන්තරයෙන් කන්ද තරණය කරන මාර්ගයෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇත.
මෙවැනි දුෂ්කර තත්ත්වයක් මධ්‍යයේ වුවද මේ දක්වා කඳු තරණය කරන්නන් 4,800ක් එවරස්ට් කඳු මුදුනට ළඟා වීමට සමත්ව තිබේ.
එමෙන්ම, ගෝලීය උණුසුම වැඩිවීම හේතුවෙන් මේ වනවිට එවරස්ට් කඳු මුදුනේ ග්ලැසියර සහ අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින බවත්, මේ සමගම පෙරකී මළ සිරුරු ඉස්මතු වෙමින් ඇති බවත් නේපාල කඳු තරණය කරන්නන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා පවසයි.