එන්නත් සම්බන්ධයෙන් ඇතමෙකු තුළ පවතින අවිශ්වාසය වැළැක්විය හැකි මාරාන්තික බෝවන රෝග රැසක් වෙනුවෙන් සිදුකරන සටන ආපස්සට හැරවීමක් බව විශ්ලේෂකයෝ පවසති.
ලෝකයේ ඇතැම් කලාප තුළ බෝවන රෝග සඳහා සිදුකරන එන්නත් සඳහා පවතින මැලිකම මෙහිදී විශේෂ අවධානයට ලක්ව තිබේ.
වෙල්කම් ට්‍රස්ට් සමීක්ෂකයන් විසින් මේ පිළිබඳ අධ්‍යයනය කරන අතර, ඔවුන් පුද්ගලයන් 140,000ක් ඇසුරෙන් මෙම සමීක්ෂණය ගෝලීයව සිදුකර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එන්නත් සම්බන්ධයෙන් දක්වන සැකය ගෝලීය සෞඛ්‍යයට පවතින තර්ජනයන් 10 අතරින් වඩාත් ප්‍රබල වූවකි.
එම සමීක්ෂණයේදී යොමුකරන ලද ප්‍රශ්නවලට 79%ක් තමන් එන්නත් සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් පවත්වන බව කියා සිටියත්, 7%ක් ඒ කෙරෙහි කිසිදු විශ්වාසක් නොමැති බව කියා තිබේ. තවත් 14%ක් අතරමැද තත්ත්වයක පසුවන බව කියයි.