උතුරු කොරියානු රැඳවුම්භාරයේ සිට දින කිහිපයකින් පසුව නිදහස් කරනු ලැබූ ඔස්ට්‍රේලියානු සිසුවා මාධ්‍ය ආයතන වෙනුවෙන් එරට ඔත්තු බලා ඇති බව අනාවරණය වූ බවයි.
ඇලෙක් සිග්ලේ නමැති 29 හැවිරිදි මෙම තරුණයා පසුගිය ජුනි මාසයේදී අතුරුදන්ව ඇති බවට ඔහුගේ දෙමවුපියන් කියා සිටි අතර, පසුගිය බ්‍රහස්පතින්දා ස්වීඩන් බලධාරීන් ප්යොන්ග්යැන්ග් බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහු නිදහස් කෙරිණි.
කෙසේ වෙතත්, ඔහුගේ වාර්තාවක් පළ කරනු ලැබූ එන්.කේ. නිවුස් වෙබ් අඩවිය පවසා තිබුණේ ඔහු කිසි විටෙකත් උතුරු කොරියාව සම්බන්ධයෙන් තමන්ට ඔත්තු ලබාදීම් නොකළ බවයි.
එය උතුරු කොරියාවේ එදිනෙදා ජනජීවිතය සම්බන්ධයෙන් ඔහුගේ ජීවන අත්දැකීම් පමණක් අඩංගු වූ වාර්තාවක් බව ඔවුන් පවසා තිබුණි.
කෙසේ වෙතත්, කොරියානු භාෂාව පිළිබඳ හොඳ දැනුමක් ඇති මෙම ඔස්ට්‍රේලියානු සිසුවා කිම් ඉල්-සන්ග් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක් හදරාමින්, ඒ අතරතුර සංචාරක ව්‍යාපාරයක්ද සිදුකර ඇති බව සඳහන් වෙයි.