කොරියානු දේශසීමාවේ උතුරු කොරියානු හමුදා කඳවුරක සයිරන් නලා දෝෂයක් හට ගැනීමෙන් දකුණු කොරියානු දේශසීමා ආසන්න කඳවුරක ඇමෙරිකානු සෙබලු තැති ගෙන තිබේ.
එය උතුරු කොරියාවෙන් ප්‍රහාරයක් එල්ල වීමක් යැයි ඔවුන් සැක සිතුවත්, එය එක්සත් ජනපද කේසි කඳවුර ආසන්නයේ පිහිටි උතුරු කොරියානු කඳවුරකින් වැරදීමක් මත නිකුත් වූ හදිසි සයිරන් හඬක් බව කියයි.
නවතා දැමූ න්‍යෂ්ටික සාකච්ඡා සම්බන්ධයෙන් සහනයක් සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදයට “නත්තල් තෑග්ගක්” යැවිය හැකි බවට උතුරු කොරියාව අනතුරු අඟවා තිබියදී මෙම සිදුවීම සිදුවිය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සම්බාධක ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.