ඉරානයේ බුෂේහර් න්‍යෂ්ටික බලාගාරය පිහිටි ප්‍රදේශය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ රික්ටර් පරිමාණ 5.1ක් ලෙස එය සටහන් වූ වගයි.
එරට දකුණුදිග වෙරළ තීරයේ පර්සියානු ගල්ෆ් බොක්ක ආසන්නයේ න්‍යෂ්ටික බලාගාරය පිහිටා ඇති අතර භූ කම්පනයෙන් ඊට හානියක් සිදුව ඇති බව වාර්තා නොවෙයි.
ඉරාන වේලාවෙන් අලුයම 5.23ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර, එහි අපිකේන්ද්‍රය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 38ක් ගැඹුරින් වාර්තා වී ඇති බව සඳහන් වෙයි.