ඉරාන විමුක්ති හමුදාවේ ප්‍රබල චරිතයක් වූ ජෙනරාල් කාසිම් සොලිමානි එක්සත් ජනපද හමුදා විසින් ඉරාකයේදී මරාදමා තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි ඔහු මරා දැමීමට කටයුතු කළ බව පෙන්ටගනයද තහවුරු කර ඇත.
බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ප්‍රහාරයක් එල්ල වූ බවත්, එම ප්‍රහාරයෙන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා වීමෙන් අනතුරුව මෙම සිදුවීම වාර්තා විය.
මෙම මරණය දැවැන්ත රාජතාන්ත්‍රික අර්බුදයක් ඇති කරනු ඇති අතර, ඉරානය මේ සඳහා ප්‍රබල ප්‍රතිචාරයක් දක්වනු ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති.
ඉරානයේ හමුදාවේ වඩාත් කුප්‍රකට චරිතයක් වූ ජෙනරාල්වරයා, ඔහුගේ බලකායන් ඉරාන ආධ්‍යාත්මික නායක අල් ඛොමේනිගේ පෞද්ගලික ආරක්ෂාවද සැලසූ බලකායයි.
ඒ අනුව, ඔහු ඉරානය තුළ නිරන්තරයෙන් ජාතික විරයෙකු ලෙස සැලකුණු අයෙකි.