ඉරාකයේ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත ඉරානය එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරවලින් කිසිදු ඇමෙරිකානුවෙකුගේ ජීවිතයට හානියක් සිදුව නොමැති බවත්, ඉන් සිදුව ඇත්තේ ඉතා සුළු හානියක් පමණක් බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි.
ඉරානයේ මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමෙරිකානු නායකයා ඊයේ (8දා) මෙසේ පවසා සිටියේය.
එක්සත් ජනපදය වහාම ඉරානයට අතිරේක මූල්‍ය හා ආර්ථික සම්බාධක පනවන බවත් පවසා සිටි ට්‍රම්ප්, ඔවුන්ගේ හැසිරීමේ වෙනසක් සිදුවන තුරු ඒවා පවතිනු ඇති බවත් කියා සිටියේය. නමුත් මීට පෙර එක්සත් ජනපද ජනාධිපතිවරු මෙවැනි අවස්ථාවක ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගන්නා බවට තර්ජනයක් කළත්, මෙම අවස්ථාවේදී ට්‍රම්ප් එවැනි තර්ජනයක් නොකිරීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්හරින ලෙස ට්‍රම්ප් යුරෝපා රාජ්‍යයන්ගෙන්, රුසියාවෙන් සහ චීනයෙන් ඉල්ලා සිටියේය.