ඉරාකයේ සහ සිරියාවේ ඉරාන සහාය ලබන පැරාමිලිටරි භටයන්ට එරෙහිව එක්සත් ජනපදය ගුවන් ප්රහාර එල්ල කර තිබේ.
ඉරාක ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේ ඉරිදා එල්ල වූ මෙම ගුවන් ප්රහාරයෙන් කටයිබ් හිස්බුල්ලා කණ්ඩායමේ සටන්කරුවන් 25 දෙනෙකු මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මෙම කණ්ඩායම එක්සත් ජනපදය විසින් ත්රස්තවාදී සංවිධානයක් ලෙස සලකනු ලැබේ.
සිකුරාදා කිර්කුක්හි කඳවුරකට රොකට් ප්රහාරයක් එල්ල කිරීමෙන් එක්සත් ජනපද කොන්ත්රාත් සටන්කරුවෙකු මිය ගොස් සෙසු පිරිස් තුවාල ලැබීමට ප්රතිප්රහාර ලෙස මෙම ප්රහාරය දියත් කර තිබේ.
සෙනසුරාදා වොෂිංටන් හිදී අදහස් දක්වමින් එක්සත් ජනපද රාජ්ය ලේකම් මයික් පොම්පිඕ ඉරානයට අනතුරු ඇඟවූයේ ඇමෙරිකානු ජීවිතවලට තර්ජනයක් වුවහොත් එක්සත් ජනපදය පළිගන්නා බවයි.
මේ අතර එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් වාර්තාකරුවන්ට පැවසුවේ එෆ් -15 ජෙට් ප්රහාරක යානා කටයිබ් හිස්බුල්ලා හා සම්බන්ධ ඉලක්ක පහකට පහර දී ඇති බවයි.