ඉන්දීය මහ මැතිවරණයෙන් කොංග්රසය ජයග්රහණය කළහොත් රටේ ජනතාවගේ අවම ආදායම් යෝජනාක්රමයක් සකසන බව රාහුල් ගාන්ධි පවසයි.
ඒ අනුව, ඉන්දියාවේ ජීවත් වන මිලියන 50ක් වූ දුප්පත්ම ජනතාවට මෙම අවම ආදායම් යෝජනා ක්රමයෙන් විශාල වාසියක් අත්වන බව රාහුල් ගාන්ධි කියයි.
විචක්ෂණශීලී රාජ්ය යෝජනාක්රමයක් ලෙස මෙය හඳුන්වා දෙන රාහුල් ගාන්ධි, මේ තුළින් රටේ දිළිඳුබව තුරන්වනු ඇති බවද අවධාරණය කරයි.
කෙසේ වෙතත්, ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය පෙන්වා දෙන්නේ දැනට පවතින යෝජනා ක්රම තුළින් රට තුළ වෙසෙන දිළින්ඳන්ට විශාල සහායක් ලබාදෙන බවයි.
මෙම කොංග්රස් යෝජනාවට අනුව, ඉන්දීය ජනතාවට අවම මාසික ආදායම ලෙස ඉන්දියානු රුපියල් 72,000ක් වාර්ෂිකව හිමිවන අතර, එය ඉන්දියානු ජනගහනයෙන් 20%ක් වූ දුගීම ජනකොටස ඉලක්ක කරමින් ලබාදෙන බව කියයි.