අභ්‍යවකාශයේ වූ චන්ද්‍රිකාවක් චන්ද්‍රිකා නාශක මිසයිලයක් යොදාගනිමින් පුපුරවා හැරීමට ඉන්දියාව කටයුතු කිරීම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) බලවත් තර්ජනයක් විය හැකි බව නාසා ආයතනය පවසයි.
ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින් පවසන්නේ මේ නිසා ඇති වූ සුන්බුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගැටීමේ සම්භාවිතාව 44%කින් ඉහළ ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තවමත් අනතුරුදායක මට්ටමකට පත්ව නොමැති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ, එය දැනට පවතින කක්ෂයෙන් ඉවත් කිරීමට සිදුවුවහොත් එය සිදුකිරීමට නාසා ආයතනය සූදානම් බවයි.
මේ අතර, අභ්‍යවකාශයේ වූ චන්ද්‍රිකාවක් පුපුරුවා හැරීමේ තාක්ෂණය හිමි සිව්වැනි රට බවට පත්වූ බව මෙම අත්හදා බැලීම සමග ඉන්දියාව පසුගියදා කියා සිටියේය.
ශක්ති ලෙස හැඳින්වූ මෙම මෙහෙයුම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් කියා සිටියේ ළඟඑන මැතිවරණයද ඉලක්ක කරගෙන බව නොරහසකි.
කෙසේ වෙතත්, ඉන්දියාවේ මෙම අත්හදා බැලීම හරහා ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තරය කෝපගැනීම තුළ අගමැතිවරයා බලාපොරොත්තු වූ ජනප්‍රසාදයට වඩා ඔහුගේ ඡන්ද පදනමකට හානියක් මේ හරහා සිදුවිය හැකි බවටද මත පළ වෙයි.