ඉතියෝපියානු ගුවන් සේවයට අයත් අනතුරට පත් බෝයිං 737 මැක්ස් 8 යානයේ අවසන් මොහොත පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතී.
ජීවිත 157ක් බිලිගත් මෙම ගුවන් අනතුරේදී යානයේ යාන්ත්රික ක්රියාකාරීත්වය අඩපණ නොකරන පද්ධතිය ස්වයංක්රීයව ක්රියාත්මක වීමක් මේ වනවිට අනතුරට හේතුව බව මූලික පරීක්ෂණවලින් පවසයි.
යානය ගුවන්ගත කර අඩි 450ක් පමණ ඉහළට යනවිට යානයේ ඉදිරිපස කොටස ක්ෂණිකව පහළට යොමුවීම මෙහිදී සිදුව තිබේ.
එහිදී, යානයේ එක් ගුවන් නියමුවෙක් පාලක මැදිරිය සමග සබඳතාව බිඳී යාමට මොහොතකට පෙර "පිච් අප්... පිච් අප්" යනුවෙන් කෑ මොර දී ඇත.
එහිදී, යානය ගුවන්ගත වී විනාඩි 6ක් තුළ යානය කඩා වැටී ඇත. ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානය අනතුරට ලක්වූ ආකාරයෙන්ම, පසුගිය වසරේදී ලයන් එයාර් ගුවන් යානයක්ද කඩා වැටුණි.
එයද මැක්ස් 8 වර්ගයේ බෝයිං 737 යානයකි. මෙම යානා සියල්ල මේ වනවිට ගොඩබස්වා ඇති අතර, යානයේ මෙම තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ සිදුවෙයි.