ඇෆ්ගනිස්ථානයට බලපා ඇති දරුණු ගංවතු තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 32දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් නිවාස රැසක් සුන්බුන් බවට පත්ව ඇති අතර, අවතැන් වූවන් තාවකාලික කූඩාරම්වල රඳවා ඇති බව වාර්තා වෙයි.
මෙම ගංවතුර තත්ත්වයට ඇෆ්ගනිස්තානයේ පළාත් 7ක් මුහුණදී සිටින අතර, ෆර්යාබ්, බග්දීස් සහ හෙරාත් යන පළාත් වැඩිම බලපෑමට ලක්වූ පළාත් ලෙස සැලකෙයි.