ඇෆ්ගනිස්තානයේ වසර 17ක් පුරා පවතින ගැටුම් අවසන් කිරීමේ දොරටු විවර කිරීම සඳහා ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය පැවැත්වූ සාකච්ඡාවලදී සාම ගිවිසුමක් කෙටුම්පත් කිරීමේ එකඟත්වයකට පැමිණ තිබේ.
කටාර් රාජ්‍යයේදී ඇමෙරිකානු හා තලේබාන් නියෝජිතයන් අතර දින 6ක් පුරා පැවති සාකච්ඡාවලදී මෙම එකඟත්වයට පැමිණ ඇත.
ඇෆ්ගනිස්තාන ජනපති මෙම ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය වෙත සෘජු සාකච්ඡා වෙත ඇරයුම් කර තිබුණත්, වත්මන් රජය රූකඩයක් බව පවසමින් ඔවුන් ජනපතිවරයා සමග සාකච්ඡා ප්‍රතික්ෂේප කර තිබුණි.
වර්ෂ 1996 සිට 2001 දක්වා කාලය තුළ ඇෆ්ගනිස්තානය පාලනය කළ තලේබාන් සංවිධානය එරට ප්‍රධාන ඉස්ලාමීය සටන් සංවිධානය ලෙස තවදුරටත් රැඳී සිටියි.