ඇල්ජීරියාවේ වත්මන් ජනපති අබ්දෙල්අසීස් බොවුටෙෆ්ලිකාට එරෙහිව සති කිහිපයක් පවතින විරෝධතා මධ්‍යයේ එරට හමුදා ප්‍රධානියාද පවසන්නේ ජනපතිවරයා ධුරයට සුදුසු නොවන බවයි.
රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් ලුතිනන් ජෙනරාල් අහ්මෙඩ් ගයීඩ් සලාහ් පවසා සිටියේ, මේ අර්බුදිය විසඳීමට කඩිනම් විසඳුමක් සෙවිය යුතු බවයි. එය ප්රජාතන්ත්රවාදී රාමුව තුළ සිදුවිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
කෙසේ වෙතත්, මීළඟ ජනපතිවරණයේදී පස්වැනි වරටත් අපේක්ෂකත්වය ලබා නොගැනීමට ජනපතිවරයා මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, ජනාධිපතිවරණය දිගින් දිගටම කල්යෑම තුළ ජනතාව ප්රකෝපකාරී වී ඇති බව වාර්තා වෙයි.
82 හැවිරිදි වියේ පසුවන වත්මන් පාලකයා මේ වනවිට වසර 20ක කාලයක් ඇල්ජීරියාව පාලනය කර ඇත.