ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරානයේ ප්‍රබල හමුදා ජෙනරාල්වරයෙකු වූ කාසිම් සුලෙයිමානි ජීවිතක්ෂයට පත්වීමේ ප්‍රතිචාරය ඉරානය දක්වා තිබුණේ බැලස්ටික් මිසයිල ප්රහාරයකිනි.
පෙන්ටගනය හෙවත් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කළ ආකාරයට මෙම ප්‍රහාරයේදී බැලස්ටික් මිසයිල 22ක් අර්බිල් හා අල් අසාද් ප්‍රදේශවල පිහිටි ඇමෙරිකානු හමුදා රැඳී සිටින කඳවුරු වෙත එල්ල කෙරිණි.
කෙසේ වෙතත්, සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවය ලක්ෂ සංඛ්‍යාත ජනයා රැස්ව සිදුකිරීමෙන් අනතුරුව මෙම ප්‍රහාර මාලාව එල්ල වීමද සුවිශේෂී සිදුවීමක් විය.
මෙය සෘජුවම තම හමුදා නායකයාගේ ඝාතනයට ඉරානයේ ප්‍රබල ශක්තිය විදහා දක්වන අවස්ථාවක් බවත්, මෙය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක් ලෙසත් ඉරාන රූපවාහිනිය පවසා සිටියේය.
ඉරාන විප්ලවීය හමුදාව මෙම ප්‍රහාරය සමග එක්සත් ජනපදය ඇතුළු සියලු මිත්රපාර්ශ්වයේ හමුදාවන්ට අනතුරු අඟවා සිටියත්, ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ මෙය ආත්මාරක්ෂාව පතා සිදුකළ ප්‍රහාරයක් බවය.