එක්සත් ජනපදය සමග කිසිදු අවස්ථාවක් ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් නොපවත්වන බව ඉරාන ජනපති හස්සන් රොයුහානි පවසයි.
එරට මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැනි සාකච්ඡාවක් වෙනුවෙන් බොහෝ ඇරයුම් ලැබුණත්, තමාගේ ප්‍රතිචාරය සෘණාත්මක බවයි.
කෙසේ වෙතත්, ඉරානය වෙත දැනට පනවා ඇති සියලු සම්බාධක ඉවත් කරන්නේ නම්, එක්සත් ජනපදයද ඇතුළත්ව බහු පාර්ශ්වීය සාකච්ඡාවකට සූදානම් බව ඉරානය ජනපති කියයි.
පසුගිය වසරේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්වීයව අත්හැර දැමූ 2015 න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් යළි ඉරානය සමග සාකච්ඡා කිරීමට තමන් විවෘත බව පසුගියදා ඔහු කියා සිටියේය.
ඊට ප්‍රතිචාර ලෙස ඉරාන නායකයා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.