ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉලිනොයිස් ප්රාන්තයේ කාර්මික ජනපදයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
පොලීසිය සමග වෙඩි හුවමාරුවේදී ප්රහාරය දියත් කළ තුවක්කුකරුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිද්ධියෙන් වෙඩි වැදී පොලිස් නිලධාරීන් පස් දෙනෙකුද රෝහල්ගත කර තිබේ.
අවුරෝරා කර්මාන්ත ශාලා සංකීර්ණයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මෙම ස්ථානය චිකාගෝ නගරයේ සිට සැතපුම් 40ක පමණ දුරකින් පිහිටි ස්ථානයකි.
ප්රහාරකයා 45 හැවිරිදි ගැරී මාර්ටින් ලෙස පොලීසිය හඳුනාගෙන ඇති අතර, ඔහු පහරදීමක් හේතුවෙන් එම සමාගම සේවයෙන් පහ කළ සේවකයෙකු බව කියයි.
මෙම සිද්ධියට සෘජු හේතුව එය බව පොලීසිය සඳහන් නොකළත්, ඔහුගේ පවුලේ අය පවසා ඇත්තේ සේවයෙන් පහ කිරීමෙන් පසුව ඔහු දැඩි මානසික ආතතියකින් පෙළුණු බවයි.
මෙම ප්රහාරයද ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ගිනිඅවි භාවිතය සම්බන්ධයෙන් යළි අවධානය යොමුකළ යුතු අවස්ථාවක් බවට පත්ව තිබේ.