එක්සත් ජනපද හමුදා ගුවන් යානයක් වෙනිසියුලාවේ, කොලොම්බියාව සමග වූ දේශ සීමාව දිගේ ගුවන් සීමා උල්ලංඝනය කරමින් ගමන් කළ බව වෙනිසියුලා ආරක්ෂක අංශ අද (23දා) කියා සිටියේය.
වොෂිංටනයේ දැඩි සම්බාධකවලට ලක්ව සිටින වෙනිසියුලාව මෑත වසරවලදී අවස්ථා කිහිපයකදීම තම රටේ ගුවන් අවකාශය ඇමෙරිකානුවන් විසින් උල්ලංඝනය කිරීම් වාර්තා කර තිබේ.
බ්රහස්පතින්දා සවස එක්සත් ජනපද ගුවන් හමුදාවේ සී-17 ගුවන් යානය බටහිර සුලියා ප්රාන්තයේ පෙරිජා කඳුකරය වෙත මිනිත්තු කිහිපයක් පියාසර කර ඇත.
"ඔවුන් වෙනිසියුලාව ගැන ඔත්තු බැලීමේ කාර්යයන් ඉටු කරමින් සිටිනවා. අපගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කළ හැකි මෙවැනි සතුරු ක්රියා අප තරයේ හෙළා දකිනවා" වෙනිසියුලා ත්රිවිධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව වහාම ප්රතිචාර දැක්වූයේ නැත.