ඇමෙරිකාවේ නිව්යෝක් හි යුදෙව් ධර්මාචාර්යවරයෙකුගේ (රබ්බිවරයා) නිවසේ සිදුවූ පිහි ඇනුමකින් අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ඕතඩොක්ස් යුදෙව් මහජන කටයුතු කවුන්සිලයට (OJPAC) අනුව, නිව්යෝක් නගරයට උතුරින් පිහිටි මොන්සි හි පිහිටි නිවසේ ආගමික උත්සවයක් පැවැත්වෙන අතරතුර මෙම පිහි ඇනුම සිදුව ඇත.
ප්රහාරය එල්ල කළ සැකකරු පලා ගිය නමුත් පසුව ඔහු අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසුවත්, මෙය කවර චේතනාවකින් සිදුකළ ක්රියාවක්ද යන්න මෙතෙක් අනාවරණය කර නැත.
ඝාතනයට ලක්වූවන්ගෙන් එක් අයෙකුට අවම වශයෙන් හය වතාවක් පිහියෙන් ඇන ඇති බව එම කවුන්සිලය සිය ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ.
යුදෙව් විරෝධී තර්ජන හා ප්රහාර උත්සන්න වීමත් සමග එම වැසියන් බහුලව ගැවසෙන ප්රදේශවල ආරක්ෂාව තරකර ඇති පසුබිමක මෙය සිදුව ඇති බවද පොලීසිය කියයි.