ඇමෙරිකානු බුද්ධි අංශ ඉරානය සම්බන්ධයෙන් නිවට ප්රතිපත්තියක සිටින බවත්, උතුරු කොරියාව සම්බන්ධයෙන් ඔවුන්ගේ තක්සේරුව නිශ්ප්‍රභ කරන බවත් ජනපති ට්‍රම්ප් පවසයි.
උතුරු කොරියාව න්‍යෂ්ටිකහරණයක් සිදු නොකරනු ඇති බවටත්, ඉරානය න්‍යෂ්ටික අවි ආයුද නිෂ්පාදනය තවදුරටත් සිදු නොකරන බවටත් ඇමෙරිකානු බුද්ධි අංශ නිකුත් කළ නවතම වාර්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.
ඔහු මේ සම්බන්ධයෙන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ, ඇතැම් විට බුද්ධි අංශ යළිත් පාසල් යැවිය යුතු බවය.
මෙම ලෝක ව්‍යාප්ත අවදානම් තක්සේරු වාර්තාව ඇමෙරිකානු බුද්ධි අංශ අධ්යක්ෂ ඩෑන් කෝට්ස් සහ සෙසු බුද්ධි අංශ ප්‍රධානීන් විසින් ඇමෙරිකානු සෙන්ට් මණ්ඩලය වෙත ප්රදානය කර තිබේ.