අශ්ව ධාවන තරගවල ජයග්‍රාහී අශ්වයන් පුහුණුකරුවෙකුට අයත් ස්තාලයක සිදුකළ හදිසි වැටලීමකදී අශ්වයන්ට විදුලි සැර වැද්දවීම සඳහා යොදාගන්නා උපකරණ හමුවී තිබේ.
ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නගරයේ සිදුකළ මෙම හදිසි වැටලීමේදී සොයාගත් නීතිවිරෝධී උපකරණ නිසා විදුලි සැර වැදීමෙන් අශ්වයන් ක්ෂණිකව සිය වේගය වැඩිකර ධාවනයේ යෙදෙන බව කියැවෙයි.
ඔස්ට්‍රේලියානු පොලීසිය මෙම හදිසි වැටලීම සිදුකර මෙම උපකරණ සොයාගෙන ඇති අතර, ඒවා ජිගර්ස් ලෙස හඳුන්වා තිබේ.
මීට අමතරව, මෙම ස්තාලයේ තිබී ගිනි අවියක් සහ කොකේන් මත්ද්‍රව්‍යද සොයාගැනීමට පොලීසියට හැකිවී ඇති අතර, පුද්ගලයන් තිදෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඩැරන් වයර් නමැති පුහුණුකරු මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලීසිය තහවුරු කර නොමැති අතර, ක්‍රීඩාවේ අවංකභාවය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙන බව පොලීසිය වැඩිදුරටත් පවසා තිබේ.