අන්තර් කොරියානු සබඳතා කාර්යාලයෙන් ඉවත්වීමට උතුරු කොරියාව තීරණය කර ඇති බව දකුණු කොරියාව වෙත නිල වශයෙන් දන්වා තිබේ.
පසුගිය කාලය තුළ කොරියානු අර්ධද්වීපය අතර ඇතිවෙමින් පැවති අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය වෙමින් මෙම කාර්යාලයේ සබඳතා වැඩිදියුණු වුවත්, පසුගියදා ට්‍රම්ප් සහ කිම් අතර හමුව අසාර්ථකවීම මේ තත්ත්වය ඇතිව තිබේ.
දකුණු කොරියාව පවසා සිටියේ උතුරු කොරියානු නියෝජිතයන් එම කාර්යාලයෙන් ඉවත්වන බව දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත්, මෙම තීරණය බැහැර කරන ලෙස උතුරු කොරියාවෙන් ඉල්ලා සිටින දකුණු කොරියාව, සිය නියෝජිතයන් යළිත් එම කාර්යාලය වෙත එවන ලෙසද ඉල්ලා තිබේ.
පසුගිය මාසයේ වියට්නාමයේ හැනෝයි නුවරදී ඇමෙරිකානු ජනපති සහ උතුරු කොරියානු නායකයා අතර දෙවැනි හමුව සිදුවිය.
බොහෝ දෙනෙකු මෙම හමුව සම්බන්ධයෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටියත්, සම්බාධක ඉවත් කිරීමේ ගැටලුවක් මූලික කරගනිමින් මෙම හමුව බිඳ වැටුණි.