You look amazing - හැරී thank you... pa - මේගන්
බ්‍රිතාන්‍ය රජ පවුලේ දඟකාර යෞවනයා ලෙස සැලකුණු හැරී කුමරුගේ අත ගැනීම සඳහා ධවල වර්ණයෙන් සැරසී මේගන් කුමරිය දේවස්ථානයේ අල්තාරය වෙත පැමිණෙන විට ඔහුගේ මුහුණේ පැවතියේ නොඉවසුම් ගතියකි.
සුන්දර මේගන් කුමරිය තමන් වෙත පැමිණි පසු හැරී ඇගේ අත තදින් අල්ලාගෙන පැවසුවේ, "ඔයා පුදුම තරම් ලස්සනයි" කියාය.
හැරී කුමරු වෙත සුපුරුදු සිනහවෙන් සංග්‍රහ කළ මේගන් කුමරිය "ස්තූතියි, පා.. (තාත්තෙ)" යනුවෙන් පිළිතුරු දුන්නාය.
මේගන් කුමරිය අල්තාරය වෙත රැගෙන ඒමට ඇගේ පියා නොමැති වුවත්, චාල්ස් කුමරුන් ඇයව අල්තාරය වෙත කැඳවාගෙන පැමිණියේය.
මේගන්ගේ ධවල වර්ණයෙන් යුතු විශේෂ මංගල ඇඳුම නිර්මාණය කර තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන ක්ලෙයාර් කෙලර් විසිනි.
එමෙන්ම, ඇය පැළඳි දියමන්ති ඔටුන්න දෙවැනි එළිසබෙත් රැජින විසින් ඇය වෙත ලබාදී තිබූ අතර, එය 1932 වසරේ නිෂ්පාදිත මේරි රැජිනට අයත් වූවක් බව කියැවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










