Samsung Smartphone අලුත්ම එකතුවට ඇඟිලි සලකුණු ආරක්ෂාවක්
සැම්සුන්ග් ගැලක්සි (Samsung Galaxy) ස්මාර්ට් ජංගම දුරකථන එකතුවේ මීළඟ දුරකථන කාණ්ඩය ජෛවමිතික ආරක්ෂණ පද්ධතියකින් බලගැන්වෙන බව සමාගම පවසයි.
ඇපල් අයිෆෝන් 5 ස්මාර්ට් ජංගම දුරකථනයට සමානව, මෙහි ඉදිරිපස වූ ප්‍රධාන ස්විචය ඇඟිලි සලකුණු කියවීමේ ආරක්ෂණ පද්ධතියක් ලෙස ක්‍රියාකරමින් දුරකථනය අඟුලු අරිනු ඇති බව සමාගම පවසයි.
එමෙන්ම, සැම්සුන්ස් සමාගමේ මීළඟ ගැලක්සි S5 ජංගම දුරකථනය ජලයට හා දූවිල්ලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිෂ්පාදනය කෙරෙන බවද පැවසෙයි.
ලොවපුරා ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳ පොළේ අංක එකේ සමාගම ලෙස ඉදිරියෙන් සිටින දකුණු කොරියානු සැම්සුන්ග් සමාගම පවසන්නේ ඔවුන් ලොව වේගවත්ම ස්වයංක්‍රීය නාභිගත කිරීමේ (Auto-focusing) කැමරාවද නිෂ්පාදනය කළ බවයි.
Gear සහ Gear 2 Neo සුපිරි ස්මාර්ට් අත්ඔරලෝසු ද්විත්වයක් එළිදැක්වීම පිළිබඳ පසුගිය ඉරිදා දැනුම්දීමෙන් පසුව Gear Fit නමින් ශරීරික යෝග්‍යතාව ඉලක්ක කළ ස්මාර්ට් අත්පටියක්ද ඔවුන් හඳුන්වා දෙනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

