අතුරුදන් වූ එයාර් ඒෂියා QZ8501 යානය මුහුදු පත්ලේ රැඳී ඇති බව විශ්වාස කරන්නේ යැයි එම යානය සොයා මෙහෙයුම් සිදුකරන ඉන්දුනීසියානු පිරික්සුම් හා මුදාගැනීම් ඒජන්සියේ ප්රධානියා පවසයි.
යානය අතුරුදන් වන අවස්ථාවේ පැවති තත්ත්වයන් හා උපකල්පනය කිරීමෙන් මෙම තීරණයට පැමිණි බව හෙතෙම පැවසීය.
ගුවන් යානය අතුරුදන් වන අවස්ථාවේදී පුද්ගලයන් 162 දෙනෙකු එහි ගමන් කරමින් සිටි අතර, ඉන් 155ක් මගීන්ද, ඉතිරි පිරිස කාර්ය මණ්ඩලයද විය.