MH370 යානයේ තවත් සුන්බුන් රීයූනියන් වෙරළ තීරයේ පවතීද යන්න පිළිබඳව ප්රංශය සිදුකරන මෙහෙයුම් වැඩිකර තිබේ.
ඒ අනුව, MH370 යානයේ සුන්බුන් සෙවීම සඳහා අදාළ වෙරළ තීරයේ හමුදා ගුවන් යානයක් නිරන්තරයෙන් යොදවා තිබේ.
එමෙන්ම, රියූනියන් ආරක්ෂක අංශ යොදා ගනිමින් වෙරළාශ්රිතව ගොඩබිම් මෙහෙයුමක්ද අරඹමින් සුන්බුන් සොයන අතර, ඒ සඳහා නාවුක යාත්රා හා හෙලිකොප්ටර් යානාද යොදා ගන්නා බව කියයි.
රියූනියන් වෙරළින් හමුවූ බෝයිං 777 ගුවන්යානා පියාපත් කොටස MH370 යානයේ කොටසක් බව විශේෂඥයන් තහවුරු කිරීමත් සමග මෙසේ යානයට සම්බන්ධ තවත් සුන්බුන් සෙවීමට යුහුසුළු වී තිබේ.