MH370 යානයේ යැයි සැක කෙරෙන රීයූනියන් දූපතෙන් හමුවූ ගුවන් යානා කොටස වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ (01දා) ප්‍රංශය වෙත ගෙන එනලද බව විදෙස් වාර්තා පවසයි.
එම යානා කොටස ගුවන් යානා තටුවේ කොටසක් බව මේ වනවිට හඳුනාගෙන ඇති අතර, එය බෝයිං 777 යානයක කොටසක් බවට ගුවන් යානා විශේෂඥයෝ මුල සිටම සැක පහළ කළහ.
පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන මැලේසියාවේ ක්වලලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී පසුගිය වසර් මාර්තු මාසයේදී MH370 යානය අතුරුදන් විය.
එතැන් සිට ඔස්ට්‍රේලියාවේ මූලිකත්වයෙන් ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් දකුණුදිග ඉන්දීය සාගරයේ සිදුකෙරුණද යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමු නොවීය.
කෙසේ වෙතත්, යානය අනතුරට පත්ව මාස 18කට ආසන්න කාලයේදී සෝදිසි මෙහෙයුම් කලාපයට බොහෝ දුරින් යානයේ අඩි 6ක පමණ කොටස හමුවූයේ රීයූනියන් දූපත් වෙරළට ගොඩගසා තිබියදීය.