ඉන්දියන් සාගරයේ රියූනියන් දූපතට ගොඩගැසූ ගුවන් යානා පියාපත් කොටස MH370 යානයට අයත්දැයි සලකා බැලෙන විශේෂ පරීක්ෂණය ප්‍රංශ විශේෂඥයන්ගේ ප්‍රධානත්වයෙන් අරඹා තිබේ.
බෝයිං 777 මාදිලියේ ගුවන් යානයක පියාපත් කොටසක් යැයි දැනටමත් විශ්වාස කෙරෙන මෙම යානා කොටස අදාළ යානයේම කොටසක් දැයි තහවුරු කරගැනීම මෙම පරීක්ෂණයන්හි අභිලාෂයයි.
කෙසේ වෙතත්, මීට පෙර ඉන්දියානු සාගර කලාපයේ බෝයිං 777 යානයක් අනතුරට පත්ව නොතිබීමද විශේෂත්වයකි.
එහිදී, ප්‍රංශය විසින් මෙම පරීක්ෂණය සඳහා මැලේසියානු හා ඔස්ට්‍රේලියානු ගුවන්යානා විශේෂඥයන්ටද ආරාධනා කර ඇත.
ඒ අනුව, මෙම කොටස අදාළ යානයේම කොටසක් යැයි තහවුරු වුවහොත් තම විශේෂඥ කණ්ඩායම එළැඹෙන සතියද ප්‍රංශයේ ගතකරනු ඇති බව ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති වොරන් ට්‍රස් පවසයි.