නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේදී මිසයිල ප්රහාරයකට ලක්වීමෙන් අනතුරට පත්වූයේ යැයි සැකකරෙන MH17 ගුවන් යානය සම්බන්ධයෙන් සාක්ෂි එකතු කළ නෙදර්ලන්ත විශේෂඥයින් සිය ප්රථම වාර්තාව අද (09දා) ප්රකාශයට පත්කර තිබේ.
එම වාර්තාවට අනුව දැක්වෙන්නේ මෙම ගුවන් යානය වෙත ඉහළ ප්රවේගයකින් වැදුණු වස්තූන් කිහිපයක් නිසා මෙම මහා විනාශය සිදුව ඇති බවයි.
එමෙන්ම, මෙම අනතුර සඳහා කිසිදු තාක්ෂණික දෝෂයක් හෝ නියමු දෝෂයක් හේතු වී නොමැති බවත් ඔවුන් අවධාරණය කරයි.
මේ තත්ත්වය තුළ යානයට යම් මිසයිල ප්රහාරයකට ලක්වූයේ යැයි පැවසෙන කාරණය තහවුරු වන බව විදෙස් පුවත් සේවා පවසයි.