ඉරාකයේ PKK කුර්දි බෙදුම්වාදී සංවිධානය හා සිරියාවේ IS ඉස්ලාමීය අන්තවාදී සංවිධානය ඉලක්ක කරමින් තුර්කිය විසින් ගුවන් ප්රහාර එල්ල කිරීම ආරම්භ කොට තිබේ.
මෙම බෙදුම්වාදී සංවිධානය සමග 2013 වසරේදී තුර්කිය සටන් විරාමයකට එළඹීමෙන් පසු ඔවුන්ට එරෙහිව ප්රහාර එල්ල කළ ප්රථම අවස්ථාව මෙය බව පැවසෙයි. මේ අතර, තමන් එළඹී සටන් විරාමය තවදුරටත් අර්ථ විරහිත බව PKK බෙදුම්වාදීහු පවසති.
තුර්කි අගමැතිවරයා පවසා සිටියේ ගත වූ පැය විසි හතර ඇතුළත PKK සංවිධානයට සහ IS ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන්ට අයත් 600 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමටද තම රජය කටයුතු කර ඇති බවයි.