IS ඉස්ලාම් රාජ්‍ය වළලා දමන බවට ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානි අවධාරණය කර තිබේ.
බී.බී.සී.ය සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඝානි පවසා ඇත්තේ ඉස්ලාම් රාජ්‍ය කිසිසේත්ම ඇෆ්ගනිස්ථානයේ විද්‍යාමාන වූ දෙයක් නොවන බවයි.
ඒ වගේම, ඔවුන්ගේ දාමරිකකම් සලකා බැලීමේදී ඔවුන් පිටසක්වලින් පැමිණි පිරිසක් විය හැකි බවත් ඔහු කියා තිබේ.
ඇෆ්ගනිස්ථානයේ කෝපය අවුලුවා නොගන්නා ලෙසත්, ඔවුන් වැරදි පුද්ගලයන්ට අභියෝගයක් ඉදිරිපත් කර ඇති බවත් ඝානි පවසයි.
එමෙන්ම, ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධයක් එල්ල විය යුතු බවද ඝානි අවධාරණය කරයි.