ඉරාකය හා සිරියාව කේන්ද්‍ර කරගත් IS ඉස්ලාමීය රාජ්‍යය වනසා දැමීම සඳහා ඇමෙරිකාව සමග කටයුතු කිරීමට කැපවන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.
මේ සම්බන්ධයෙන් තව වැඩි දෙයක් කිරීමේ උවමනාව තමන්ට පැවතියත්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියද අවශ්‍ය බව එන්.බී.සී. පුවත් සේවය සමග අගමැතිවරයා පවසා තිබේ.
මීට වසර දෙකකට පෙර සිරියාව වෙත හමුදාව යෙදවීම සම්බන්ධ යෝජනාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජය විය.
බ්‍රිතාන්‍යයේ හිටපු ආරක්ෂක ප්‍රධානී ලෝඩ් රිචඩ්ස් පවසා ඇත්තේ ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් පරාජය කිරීමට අනාගතයේදී ගොඩබිම් හමුදාවක්ද යෙදිය යුතු බවයි.