IS ඉස්ලාම් රාජ්ය අන්තවාදීන්ගේ ග්රහණයේ පවතින රමාදි නගරයේ මර්මස්ථාන සියතට ගැනීම සඳහා ඉරාක හමුදා ඉදිරියට ඇදෙන බව විදෙස් වාර්තා පවසයි.
එරට ආරක්ෂක අංශ තොරතුරුවලට අනුව රජයේ හමුදාවන්ට හා ගෝත්රික සටන්කරුවන්ට ඒකාබද්ධ හමුදාවන්ගේ ගුවන් සහායද මේ සඳහා ලැබෙමින් පවතී.
ඒ අනුව, මේ වනවිට රමාදි නගරයේ උප නගර දෙකක බලය ඉරාක හමුදා අත්පත් කර ගෙන ඇති අතර, තවත් උප නගර දෙකකට ඇතුළු වී තිබේ.
මේ වනවිට රජයේ ප්රධාන ගොඩනැගිලි සංකීර්ණ පවතින ප්රදේශය වෙත හමුදා ඇදෙන අතර, ස්නයිපර් හා මරාගෙන මැරෙන ප්රහාරයන්ගෙන් බේරෙමින් ඔවුන් මෙම සටනට සම්බන්ධ වී සිටින බවත් විදෙස් වාර්තා පවසයි.