ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට ගොඩබිම් ප්‍රහාරයකුත් එන හැඩක්
ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව ආරම්භ කළ සටනේ වත්මන් උපාය මාර්ගය සාර්ථක නොවුණහොත්, ඉරාක භූමිය වෙත ඇමෙරිකානු හමුදා යළි ගොඩබැසීමක් සිදුවිය හැකි බවද ඇමෙරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨයෙකු වන ජෙනරාල් මාර්ටින් ඩෙම්ප්සි පවසයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර වරින් වර කියා සිටියේ කිසිම ලෙසකින් ගොඩබිම් ප්‍රහාරයක් වෙනුවෙන් හමුදා යෙදවීමක් සිදු නොවන බවයි.
මේ අතර ඇමෙරිකාව සුන්නි අන්තවාදීන්ට එරෙහිව ඇරඹි සටනේ ප්‍රථම ගුවන් ප්‍රහාරයද දියත් කළ අතර, එම වත්මන් උපාය මාර්ගය අනුව ඉස්ලාමීය රාජ්‍යය මුලිනුපුටා දැමීමේ අරමුණින් මෙම ප්‍රහාරය දියත් කෙරිණි.
ඒ අනුව, ඉරාක ආරක්ෂක හමුදාවල ඍජු සහාය ඇතිව ඇමෙරිකානු ගුවන් යානා ඉරාකයේ උතුරුදිග ප්‍රදේශයේ සහ බැග්ඩෑඩ් නගරය ආසන්නයේ ඉලක්කවලට පහර දී තිබේ.
සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්‍රදේශයක් අල්ලා ගෙන සිටින සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව සටන් වැදීම පිණිස ඇමෙරිකාව මේ වනවිට රාජ්‍යයන් රැසකගේ එකතුවෙන් පුළුල් සන්ධානයක් ගොඩ නගමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
