ISIS ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ප්‍රංශයේදී රටවල් රැසක් කඳවුරු බඳති
ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් ලෝක මට්ටමේ තර්ජනයක් ලෙස හඳුන්වන ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්දේ ඒ වෙනුවෙන් ලෝක මට්ටමෙන් ප්‍රතිචාර දැක්විය යුතු බව අවධාරණය කරයි.
ඉස්ලාමීය අන්තවාදීන් සමග සටන් කිරීමට අවශ්‍ය මූලෝපාය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමේ අරමුණ ඇතිව, රටවල් 30ක විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ප්‍රංශයේදී ඇරඹි ජාත්‍යන්තර සමුළුව විවෘත කරමින් ප්‍රංශ නායකයා මෙසේ පවසා සිටියේය.
මේ වනවිට රටවල් 30ක් ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි සටනට සහාය දැක්වීමට එක්ව සිටින අතර, ප්‍රංශයේදී රැස්වූ එකී රටවල විදේශ අමාත්‍යවරු ඒ සඳහා වූ හමුදාමය සහාය වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්ද සිදුකර තිබේ.
ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි ඇමරිකානු ගුවන් ප්‍රහාරවලට සහාය පළ කරමින් තම ප්‍රහාරක ගුවන් යානා පිරික්සුම් ගුවන් ගමන් ආරම්භ කර ඇති බවද මීට ඉහතදී ප්‍රංශ ආණ්ඩුව පවසා සිටියේය.
මෙම සමුළුවට සහභාගි වූ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව කෙරෙන සටන්වලට සහාය ලබාගැනීම පිණිස ඊට සහභාගී වී සිටින විදේශ අමාත්‍යවරුද හමුව සාකච්ඡා කරමින් සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

