ISIS ඉස්ලාමීය අන්තවාදීන් හිතුවාට වඩා වැඩිලු - CIA
ඉරාකය හා සිරියාව තුළ ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සතුව සටන්කරුවන් 31,000ක් පමණ සිටින බවට මේ වනවට තොරතුරු ලැබී ඇති බවත්, ඔවුන් මීට පෙර පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා තුන් ගුණයක පමණ වැඩි ප්‍රමාණයක් බවත් ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය පවසයි.
මැයි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වූ බුද්ධි තොරතුරු වාර්තා උපයෝගී කරගනිමින් මෙම පුරෝකථනය සිදුකර ඇති බව එම ඒජන්සියේ ප්‍රකාශකයෙකු පවසයි.
සුන්නි අන්තවාදීන් මේ වනවිටත් ඉරාකයේ විශාල කොටසක බලය තහවුරු කරගෙන ඇති අතර, පසුගිය මාස කිහිපය තුළ ඇමෙරිකානුවන් දෙදෙනෙකුගේ ඇතුළු තවත් විශාල පිරිසකගේ හිස ගසා දැමීය.
මේ සියල්ල, ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලට එරෙහිව සිදුකරන්නක් බවද ඔවුහු පැවසීය.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අවධාරණය කළ ආකාරයට සුන්නි ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ඇමෙරිකාව ඇරඹීමට යන සටනට සහාය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් මැදපෙරදිග සිටින එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද තුර්කිය වෙත පැමිණියේය.
මේ අතර, ඊයේ දිනයේදී සෞදි අරාබියේදී අරාබියේ ප්‍රබල නායකයන් රැසක් සමග සාකච්ඡා කළ කෙරී වෙත ඉරාකයේ සහ සිරියාවේ සටන්කාමීන් වෙත ඇමෙරිකානු ප්‍රහාර එල්ල කිරීම සඳහා අරාබි රාජ්‍යයන් 10ක සහාය ලබාගැනීමට හැකිවී තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

