ඉරාකයේ ක්‍රියාත්මක ISIS ඉස්ලාමීය අන්තවාදීන් උතුරුදිග ඉරාකය තුළ සුළුතර ජනවර්ගයන්ට එරෙහිව දැවැන්ත සංහාරයක් සිදුකරමින් සිටින බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය අවධාරණය කරයි.
එම මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙන්නේ රුධිරයෙන් තෙත්වූ සංහාර භූමියක් බවට ISIS ඉස්ලාමීය අන්තවාදීන් මේ වනවිට අදාල කලාපය පත්කොට ඇති බවයි.
මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටියේ ඉරාකය වෙත කණ්ඩායමක් යවමින් එහි සිදුවන ඇදහිය නොහැකි අමානුෂීය සිදුවීම් පිළිබඳ සොයා බලන බවයි.
ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් මේ වනවිට උතුරුදිග ඉරාකයේ ප්‍රදේශ රැසක බලය අත්පත් කරගෙන සිටින අතර, ඔවුන්ට එරෙහිව ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයන්ද ආරම්භ වී තිබේ.