ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් ඉලක්ක කරමින් ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් අද දිනයේ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බවත්, ඇමෙරිකානු ප්‍රහාර ආරම්භ වීමෙන් පසු සිදුකළ ප්රබලතම ගුවන් ප්‍රහාරය මෙය බවත් සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
පැය 5ක මෙහෙයුමේදී, ඉස්ලාමීය අන්තවාදීන්ගේ ඉලක්ක 5ක් වෙත ප්‍රහාර එල්ල කෙරුණු අතර, එහිදී ඔවුන්ගේ ප්‍රහාරක රථ, මෝටාර් එල්ල කරන ස්ථාන ඉලක්ක වූ බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
එරට වේලාවෙන් උදෑසන 9.15ට ප්‍රහාර මාලාව ආරම්භ වී තිබේ.
ප්‍රහාරයට සම්බන්ධ වූ ඇමෙරිකානු ගුවන් යානා නැවතත් නිරුපද්‍රිතව පැමිණි බවද එරට ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
ඇමෙරිකානු ගුවන් ප්රහාරයන්ගේ ආධාර මත කුර්දිස්ථාන හමුදාව ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් අල්ලාගෙන තිබූ නගර දෙකක් නැවත අත්පත් කරගෙන ඇති බවද වාර්තා වෙයි.