ISIS ඉස්ලාම් අන්තවාදය ගැන බටහිර නායකයෝ වීඩියෝ සාකච්ඡාවක
ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි මෙහෙයුම පිළිබඳ ඇමෙරිකානු නායකයා හා යුරෝපා රටවල නායකයන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වුණු බව වාර්තා වෙයි.
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සමග බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මානු හා ඉතාලි යන රටවල රාජ්‍ය නායකයන් සජීව වීඩියෝ තාක්ෂණය හරහා මෙම හදිසි සාකච්ඡාව පවත්වා තිබේ.
එහිදී, ඔබාමා ජනාධිපතිවරයා මෙම රටවල රාජ්‍ය නායකයන්ට අවධාරණය කර තිබෙන්නේ ජිහාඩ් අන්තවාදීන්ව පාලනය කිරීම වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.
එමෙන්ම, කොබානේ නගරය වෙත සිදුකරන අන්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩි අවධානයක් මෙම සාකච්ඡාවේදී සිදුව තිබේ.
මෙම සාකච්ඡාව අතරතුර ඉබෝලා වසංගතය සම්බන්ධයෙන්ද ඔවුන් අතර සාකච්ඡා පැවැත්වී තිබේ.
මෙම සාකච්ඡාවේදී අවධානයට යොමුකොට ඇති තුන්වැනි කාරණය වන්නේ යුක්රේනය සමග තිරසාර සටන් විරාම ගිවිසුමක් වෙත රුසියාව උනන්දු කිරීමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

