ඉරාකයේ සුළුතර ජනකොටස් වැඩි වශයෙන් ජීවත් වන විශාලතම නගරයත් ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවීමෙන් පසු එරට තුළ ජීවත් වන ක්‍රිස්තියානුවන්ගෙන් වැඩි පිරිසක් රට අත්හැර පළා යමින් සිටින බව වාර්තා වෙයි.
නයින්වේ පළාතේ, ක්ආරාකොෂ් නගරය කුර්දිෂ් හමුදාවන් විසින් අත්හැර පළායාමත් සමග ISIS ඉස්ලාමීය අන්තවාදීන් එම නගරයේ බලය අත්පත් කරගෙන තිබේ.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබුනේ, මෙම සටන්කාමීන් විසින් රඳවාගෙන සිටි යසීදී සුළුතර ජනකොටසේ 50,000ක පමණ පිරිසක් බේරාගැනීමට හැකිවූ බවයි.
මේ වනවිටත් ඉරාකයේ සහ සිරියාවේ ප්‍රදේශ රැසක බලය අත්පත් කරගෙන සිටින ISIS ඉස්ලාමීය සටන්කාමීන් තමන් ඉස්ලාමීය රාජ්‍යයක් ස්ථාපිත කර ඇති බව පවසයි.
නයින්වේ පළාත පිහිටා ඇත්තේ බැග්ඩෑඩ් නගරයෙන් වයඹදිගට කිලෝමීටර් 400ක් පමණ දුරිනි. ඉරාකයේ ජීවත්වන සුළුතර ජනකොටස් විශාල පිරිසක් මෙම පළාතේ ජීවත් වෙති.
කෙසේ වෙතත්, ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ආක්රමණයත් සමග මෙම සුළුතර ජනකොටස්වලට තම ගම්බිම් අතහැර පළායාමට සිදුවූයේ, ඔවුන්ට එම ගම්බිම්වලම රැඳී සිටීමට නම් ඉස්ලාම් ලබ්ධිය වැළඳගැනීමට බලකර ඇති නිසාය. එසේ නොකරන අයට, මරණය හිමිවන බව ISIS ඉස්ලාමීය අන්තවාදීන් අවධාරණය කර තිබේ.