ඉරාකයේ මොසුල් වේල්ල අත්පත් කරගෙන සිටි ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ බලය අඩපණ කරමින්, ඔවුන් සම්පූර්ණයෙන්ම පාහේ පලවා හැර, ඉරාකයේ විශාලතම වේල්ල යළි අත්පත් කරගැනීමට කුර්දි හමුදාව සමත්ව ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානාවලින් ලැබුණු සහාය ඇතිව ගොඩබිමින් මෙහෙයුම් සිදුකළ කුර්දි හමුදාව ඊයේ උදෑසන මෙම දැවැන්ත මෙහෙයුම ආරම්භ කළේය.
කුර්දි හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ ඔවුන් තවදුරටත් වේල්ල ආශ්‍රිතව අන්තවාදීන් විසින් වලදමා ඇති බිම්බෝම්බ ඉවත් කරමින් වේල්ලේ සම්පූර්ණ පාලනය හමුදාව යටතට ගත් බවයි.
වේල්ල අත්පත් කරගැනීමේ මෙහෙයුමේදී ගුවන් සහායක් තම හමුදාවන්ට ලැබුණු බව හෙතෙම සඳහන් කළත්, ඒ ඇමෙරිකානු හමුදාවේ සහායක් බව හෙතෙම සඳහන් කර නොමැත.
නමුත්, එම පළාතේ සිටින මාධ්‍යවේදීන්ගෙන් ලද තොරතුරු අනුව, තවදුරටත් එම පළාත ආශ්‍රිතව අන්තවාදීන් සමග සටන් ඇවිලෙන බව බී.බී.සී.ය කියයි.