ඉරාක තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටියදී ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් ප්රාණ ඇපයට ගත් තර්කි වැසියන් පිරිසක් නිදහස් කර ඔවුන් නැවත තුර්කිය වෙත එවීමට අන්තවාදීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ඔවුන් අද උදය කාලයේදී දකුණුදිග තුර්කියේ අන්කාරා නුවර වෙත පැමිණෙන විට ජනතාව තුර්කි ධජය ලෙලවමින් ඔවුන් පිළිගත් බව වාර්තා වෙයි.
මෙසේ අන්තවාදීන් විසින් ප්රාණ ඇපයේ තබාගත් පිරිස 49කි.
තුර්කි අගමැතිවරයා පවසා සිටියේ සිය බුද්ධි අංශ විසින් සිදුකළ මෙහෙයුමකට අනුව මෙම ප්රාණ ඇපකරුවන් පිරිස බේරාගැනීමට හැකිවූ බවයි. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර යමක් අගමැතිවරයා පවසා නැත.
පසුගිය ජූනි මාසයේදී සුන්නි අන්තවාදීන් මොසුල් නගරය අත්පත් කරගැනීමත් සමග මෙම තුර්කි වැසියන් පිරිස ඔවුන්ගේ ප්රාණ ඇපයට ගෙන තිබුණි.