IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් සිරියාව හා ඉරාකය යා කරන අවසන් දේශසීමා කපොල්ලේ බලය තහවුරු කරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
සිරියානු රජය විසින් පාලනය කරන ලද මෙම දේශසීමා මුරපොළ එරටදී අල්-ටාන්ෆ් ලෙසත්, ඉරාකය දෙසින් අල්-වලීඩ් ලෙසත් සැලකෙයි.
IS ඉස්ලාමීය අන්තවාදීහු මේ වනවිට සිරියාවේ මුළු භූමි ප්‍රමාණයෙන් හරි අඩක පමණ බලය තහවුරු කරනෙ ඇති අතර, පසුගිය දින කිහිපයේදී ඔවුන් එරට පිහිටි ලෝක උරුම නගරයක් වූ පැල්මයිරා හි බලයද තහවුරු කරගනු ලැබීය.
ලොවටම හිසරදයක් වී ඇති මෙම ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව ප්රමුඛ බටහිර රාජ්‍ය මෙන්ම සෞදිය ප්රමුඛ මැදපෙරදිග රාජ්‍යයන්ද ගුවන් මෙහෙයුම් දියත් කරමින් සිටින්නේ, ඔවුන්ගේ ම්ලේච්ඡත්වය ලොවට වඩාත් අනතුරක් කළ හැකි නිසා බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.