2014 ජනවාරි 01 වැනිදා සිට 2015 ඔක්තෝබර් 31 වැනිදා දක්වා ඉරාකය තුළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 18,800ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ඉරාකයේ පැවති ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් එරට සාමාන්‍ය ජනතාව වචනයෙන් විස්තර කළ නොහැකි පීඩාවකට පත්ව ඇති බවයි.
එමෙන්ම, මෙම කාලය තුළ උන්හිටි තැන් අහිමි වූ පිරිස මිලියන 3.2 ඉක්මවන බවද එම සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් දක්වයි.
මෙම සියලුම ප්‍රචණ්ඩක්‍රියාවලට මුල ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් බව පෙන්වාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරන්නේ තවත් 3,500කට අධික තරුණියන් පිරිසක් ලිංගික වහලුන් ලෙස යොදාගෙන සිටින බවද පවසයි.